12 Likes
Share
Kadawara - කඩවර
ඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටන්වත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම් මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියැදිලා. අන්න ඒකයි මම උඹව මෙහෙට ගෙනැව්වේ. උඹේ හිතුවක්කාරකම් අඩු වෙනකන්ම උඹව මයෙ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදුමැණිකෙ. උඹට මගේ පැලේ වසන්ට වෙනවා. හැබැයි එකක්… උඹ අර කලින් උන්න හිතුවක්කාර, මේ කඩවරව තඹේකට මායිම් නොකරන, බයක් කියන එකක් ගෑවිලාවත් නැති පරණ සුගන්දි වෙනකන් මම උඹට අතක් තියන්නෙ නෑ. මයෙ කඩවර අප්පච්චි පල්ලා, මම උඹට අත තියන්නැ. සිහියක් නැතිව මේතන දපලා ඉන්න උඹයි. මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි. උඹ දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන නෙව. ..
Author: Apurwa Mandarami
Category: Historical
Language: Sinhala සිංහල
Downloads: 298
Views: 5.6K
Published: 9 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
2 Comments